Monday, April 18, 2011

නිතර සතුටින් සිටිමුද?

දුක හා සතුට
අපි කව්රුත් සතුටින් සිටීමට කැමැත්තෝ වෙමු. නමුත් සමහර විට ඔබ නොදැනුවත්වම හෝ කැමැත්තෙම්ම දුක වැලඳගත් අවස්ථා කොතෙකුත් ජීවිතයේ අත්විඳ ඇතුවාට සැකයක් නැත. සතුට ජීවිතයට අවශ්‍යම කාරණයක් වන්නේ එය දිවිමග සරුකරන ප්‍රධාන සාධකයක්ද වන බැවිනි. එනම් සතුටින් කරන ඕනෑම කටයුත්තක් සාර්ථකත්වය කරා ලගාකරවීම පහසුවන බැවිනි. එසේනම් සතුට අපට වැදගත්ම අවශ්‍යතාවයක් වන බව ඔබට දැන් වැටහෙනවා ඇති.
සතුටින් සිටීමට අප කලයුත්තේ කුමක්දැයි යන්න මීලගට ඔබට ඇතිවන ගැටලුව විය හැක. එය ඔබට ගැටලුවක් කර නොගෙන ජීවිතය සතුටින්ම ගතකිරීමට හැකි උපදෙසක් නේද ඔබ දැන් බලාපොරොත්තු වන්නේ. එසේනම් මා දෙන මේ ඔවදන ඔබට දිවිමග සතුටින් ගතකිරීම උදෙසා පිටිවහලක් වනවා නොඅනුමානයි.
මුලින්ම සිතන්න සතුට ඔබෙන් ඈත්වන්නේ කෙසේද කියා. ඒ අනිවාර්යයෙන්ම දුක හටගැනීම නිසාම නේද?
එය එසේනම් දැන් ඊලගට අප කලයුතුව ඇත්තේ දුක ඇතිවන හේතු සොයා බලා ඊට පිලියම් සොයා ගැනීම නොවේද? මම මෙහෙම කිවුවොත් අප දුක් වන්නේත් අපේ දුකට ප්‍රධාන සාධකය වන්නේත් අප තුල ඇති අසීමිත ආශාවන් සපුරාගැනීමට නොහැකි වීම නිසාය කියා ඔබ මා සමග එකග නොවන්නේද? නමුත් එය නොවේද අප පිලිගතයුතු පරම සත්‍යය වන්නේ?
අප හැම දෙනෙකුටම විවිධ අවශ්‍යතාවයන් ඇතිබව ඇත්ත නමුත් මේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට යාමේදී අපට අත් විඳින්නට සිදුවන විවිධ දුෂ්කරතාවයන් දුකක්,කරදරයක් ලෙස දකින්න අපි පුරුදුව සිටින නිසාවෙනුයි එහිදී අපේ සිතේ දුකක් හට ගන්නේ. එසේනම් අප කලයුතුවන්නේ මේ සියලු දුෂ්කරතාවයන් ජීවිත අභියෝග ලෙස සලකා ඒවාට සතුටින් මුහුන දීමයි. එසේ නොයෙක් දුෂ්කරතාවයන් අභියස නොසැලී ඒවාට සතුටින් මුහුන දීමේ ශක්තිය ඔබතුල වර්ධනයකරගත හැකිනම් ඔබ ජීවිතය සතුටින් ගතකරන අයෙක් වනවා පමණක්නොව ජීවිතයේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ඨකරගැනීමද ඔබට එතරම් අභියෝගයක් නොවනු ඇත.
සතුටින් සිටීමට නම් අප අසීමිත අවශ්‍යතාවයන් ගෙන් මිදී සැහැල්ලු සරල ජීවිතයකට හුරුවීම අතිශය වැදගත් වන්නේය.

Would you like to have a happier life? 

So practice a simple life and get rid of sadness, don't expect so many needs which are not very important to your living.  

hit counter

1 comment:

  1. Iron Bank - Iron Bank | Tioga-Arts
    Iron Bank, the mens wedding bands titanium iron bank. Iron titanium wedding rings Bank, titanium granite countertops the iron bank. Iron Bank, the iron bank. Iron Bank. The iron bank. titanium linear compensator Iron Bank, the titanium crystal iron bank. Iron Bank.

    ReplyDelete