Showing posts with label වදන් වැල. Show all posts
Showing posts with label වදන් වැල. Show all posts

Monday, February 20, 2012

පරිත්ත්‍යාගය


පරිත්ත්‍යාගය පිළිබඳ ඔබ දරණ අදහස කෙබඳුදැයි දැනගැනීමට මම කැමැත්තෙමි.


ඔබ දන්නවාද? ඔබය ජයග්‍රහණයේ හිනිපෙත්තට ගෙනයන මග එහි ඇති බව. ඒ බව තවමත් ඔබ අවබොධකොටගෙන නොමැති නම් අද සිටම ඒ පිළිබඳ උත්සාහයක යෙදෙන්න ප්‍රථිඵල වහවහා ඔබකරා එනු විශ්වාසයි. දුන් දේ සුවඳයි! දෙන්නාට ලැබෙයි! ආදී වදන් ඔබ කොතෙකුත් අසා ඇතිනෙ. හැබැයි දෙනවිට ඔබ ආපසු ලැබෙන දේ ගැන ලෝභ සිතකින් දුන්නොත් නම් ඔබට ඒ ප්‍රථිඵලය නොලැබී යාවි. සියල්ල අත්හැරීමේ චේතනාවෙන්ම දුන්නොත් තමයි ප්‍රථිඵලය යහපත් වන්නේ.

Do you sacrifice



As to the best of my knowledge a real fellower of Load Buddha should often
 think of helping others but not thinking of himself or selfish. We have much more responsibilities or sacrifices to fulfill before we come to the Nibbhana(Enlightenment) That was what our Bodhiasathwa started and carried out from Deepankara  Load Buddha and till became the Load Gauthama Buddha. 
Be a real Buddhist and become a right fellower of Load Buddha. Always help others and scarifies what ever you could till you obtain Nibbhana(Enlightenment).

Thursday, June 23, 2011

හඳුනා ගනිමුද ඔබ කවුද කියා

දැක්කද ඔබ ඔබව හොදින්

ඔබ උත්සාහ කලාද ඔබව හදුනා ගන්න. කොහොමද හදුනා ගත්තද හොදින්? සමහරවිට ඔබ බොහෝ දෙනෙකුට චරිත සහතික නිකුත්කල අයෙක් විය හැක. ඔබට ඔබ දෙනු ලබන්නේ කුමන විදිහේ චරිත සහතිකයක්ද? පොඩ්ඩක් ඉන්න. විමසිලිමත්ව බලන්න ඔබ කුමන චරිතයක්ද කියා. මේ සදහා මම ඔබට මිණුම් දඩු තුනක් හදුන්වා දෙන්නෙමි.
රාග චරිත, ද්වේෂ චරිත හා මෝහ චරිත ඒ මිණුම් දඩු තුන වේ. හැකිද ඔබට දැන් මැනබලන්න ඔබව කුමන චරිතයක්ද කියා. කලබලවන්න එපා. බොහොම හෙමින්, සීරුවෙන්, සිහිනුවණින් මේ පිලිබදව සොයා බලන්න. එවිට ඔබට හැකිවෙයි ඔබතුල ඇති දුර්වල චරිත ලක්ෂණ හදුනාගෙන ඒවා අවම කරගනිමින් යහපත් ච්රිත ලක්ෂණ වර්ධනය කරගනිමින් ජීවිතයේ යථාර්තය අවබෝධ කරගැනීමට.
ඔබ රාග චරිතයක් නම් ඒ දුර්වලකම් මගහරවා ගැනීමට ඔබ කලයුත්තේ ශරිරය පිලිබද අනිත්‍ය ස්වභාවය හොදින් මෙනෙහි කිරීමත් අවබෝධකර ගැනීමත්ය. පුරුෂයා නිතරම ස්ත්‍රියවෙතත් ස්ත්‍රිය නිතොරම පුරුෂයා වෙතත් ආකර්ෂණයවීම ප්‍රථග්ජන ස්වභාවයයි. නමුත් ශීලයෙන්දැමුනු කල්හි සමාධිගතවු සිතින් ප්‍රඥාවන්ත ලෙස ඇතිකරගත් දැක්ම (නිවැරදි දැක්ම) ඉහතකී බැමි මුදාලීම උදෙසා තමාට සරණවනු ඇත. එබැවින් ප්‍රථමකොට ශීලය ජීවිතයට ලංකරගන්න. දිවි දෙවැනිතොට ශිලය ආරක්ෂාකරන්න. අධික රාගී තත්වයෙන් අත්මිදීමට එයින් ඔබට පිහිටක් ලැබෙනු ඇති. එයින් ඔබට ලැබෙන අපමණ සිසිල අත්විදින්න. ඔබ රාගගින්නෙන් දැවී විනාශ නොවනු ඇත. අතිශය සුන්දර ජීවිතයකට ඔබ උරුමකමි කියනු ඇත.
ඔබ දෙව්ෂ සහගත චරිතයක් නම් නිතොර ඔබේ සිත තුල තරහ සිතුවිලි ඔබව අපහසුවට පත්කරත් නම් ඔබ කලයුත්තේ මෛත්‍රිය නිතොර වැඩීමයි. ප්‍රථමයෙන් තමන්ට මෛත්‍රි වඩන්න. තමන් අපහසුවට දුකට පත් කරන කාරනාවලින් අත්මිදෙන්න. දෙවනුව ලෝවැසි සයලු සත්වයන්හට මෙත්සිත පතුරුවන්න. ද්වේෂ සහිත සිතුවිලිවලින් මදී ඔබ සුවපත් වනු ඇත. එයින් ඔබ මානසිකව හා කායිකව නිරෝගි සක්තිමත් පුද්ගලයෙක් වනු ඇත.
ඔබ මොහ චරිතයක් නම් ධ්ර්මාවබෝධය වර්ධනයකරගැනීමට වැඩිපුර වෙහෙසෙන්න. යාග හෝම යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් සදහා ඔ‍බගේ කාලය ධනය නාස්තිකර නොගෙන උතුම් බුද්ධ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න. සදහම් මගට පිවිසෙන්න. බුද්ධ රත්නය,ධම්ම රත්නය,සංඝ රත්නය ඉතසිතින් සරණ කරගන්න.
මෝහාන්ධකාරය දුරුවී ඔබ සුවපත්වනු ඇත. ප්‍රඥාලොකයෙන් ඔබ බැබලෙනු ඇත.
රාග ද්වෙෂ මෝහ ඔබෙන් දුරුවූකල්හි ඔබ සත්‍යවශයෙන්ම දහමින් සිසිල ලත් උතුම් මිණිසෙක්වනු ඇති. ඔබට තෙරුවන් සරණයි.

Monday, April 18, 2011

නිතර සතුටින් සිටිමුද?

දුක හා සතුට
අපි කව්රුත් සතුටින් සිටීමට කැමැත්තෝ වෙමු. නමුත් සමහර විට ඔබ නොදැනුවත්වම හෝ කැමැත්තෙම්ම දුක වැලඳගත් අවස්ථා කොතෙකුත් ජීවිතයේ අත්විඳ ඇතුවාට සැකයක් නැත. සතුට ජීවිතයට අවශ්‍යම කාරණයක් වන්නේ එය දිවිමග සරුකරන ප්‍රධාන සාධකයක්ද වන බැවිනි. එනම් සතුටින් කරන ඕනෑම කටයුත්තක් සාර්ථකත්වය කරා ලගාකරවීම පහසුවන බැවිනි. එසේනම් සතුට අපට වැදගත්ම අවශ්‍යතාවයක් වන බව ඔබට දැන් වැටහෙනවා ඇති.
සතුටින් සිටීමට අප කලයුත්තේ කුමක්දැයි යන්න මීලගට ඔබට ඇතිවන ගැටලුව විය හැක. එය ඔබට ගැටලුවක් කර නොගෙන ජීවිතය සතුටින්ම ගතකිරීමට හැකි උපදෙසක් නේද ඔබ දැන් බලාපොරොත්තු වන්නේ. එසේනම් මා දෙන මේ ඔවදන ඔබට දිවිමග සතුටින් ගතකිරීම උදෙසා පිටිවහලක් වනවා නොඅනුමානයි.
මුලින්ම සිතන්න සතුට ඔබෙන් ඈත්වන්නේ කෙසේද කියා. ඒ අනිවාර්යයෙන්ම දුක හටගැනීම නිසාම නේද?
එය එසේනම් දැන් ඊලගට අප කලයුතුව ඇත්තේ දුක ඇතිවන හේතු සොයා බලා ඊට පිලියම් සොයා ගැනීම නොවේද? මම මෙහෙම කිවුවොත් අප දුක් වන්නේත් අපේ දුකට ප්‍රධාන සාධකය වන්නේත් අප තුල ඇති අසීමිත ආශාවන් සපුරාගැනීමට නොහැකි වීම නිසාය කියා ඔබ මා සමග එකග නොවන්නේද? නමුත් එය නොවේද අප පිලිගතයුතු පරම සත්‍යය වන්නේ?
අප හැම දෙනෙකුටම විවිධ අවශ්‍යතාවයන් ඇතිබව ඇත්ත නමුත් මේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට යාමේදී අපට අත් විඳින්නට සිදුවන විවිධ දුෂ්කරතාවයන් දුකක්,කරදරයක් ලෙස දකින්න අපි පුරුදුව සිටින නිසාවෙනුයි එහිදී අපේ සිතේ දුකක් හට ගන්නේ. එසේනම් අප කලයුතුවන්නේ මේ සියලු දුෂ්කරතාවයන් ජීවිත අභියෝග ලෙස සලකා ඒවාට සතුටින් මුහුන දීමයි. එසේ නොයෙක් දුෂ්කරතාවයන් අභියස නොසැලී ඒවාට සතුටින් මුහුන දීමේ ශක්තිය ඔබතුල වර්ධනයකරගත හැකිනම් ඔබ ජීවිතය සතුටින් ගතකරන අයෙක් වනවා පමණක්නොව ජීවිතයේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ඨකරගැනීමද ඔබට එතරම් අභියෝගයක් නොවනු ඇත.
සතුටින් සිටීමට නම් අප අසීමිත අවශ්‍යතාවයන් ගෙන් මිදී සැහැල්ලු සරල ජීවිතයකට හුරුවීම අතිශය වැදගත් වන්නේය.

Would you like to have a happier life? 

So practice a simple life and get rid of sadness, don't expect so many needs which are not very important to your living.  

hit counter

Friday, January 21, 2011

සිත දෙස බලමු

දුටුවාද ඔබ ඔබේ සිතඔබ දැන් සිටින්නේ කොහිද? මම අහන්නෙ ඔබේ ශරීරය තිබෙන්නෙ කොහිද කියා නොවෙයි. ඔබ ඉන්නෙ කොහිද කියලයි. ඉතිං පුලුවන්ද මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔබ බුද්ධිමත් විය යුතුය කියා මම කියන්නෙ නෑ. ඒ සඳහා ඔබ හොඳ සිහියෙන් යුතුව සිටීමයි අවශ්‍ය වන්නේ.
එහෙම හොඳ සිහියෙන් තමාගෙ සිත දෙස බලන විට තමයි පෙනෙන්න පටන්ගන්නෙ තමා ඉන්නෙ කොහෙද කියල. දැන් පෙනෙනවනේද, තමා ඉන්න තැන ගැන හිතාගන්නත් අමාරු බව. මොහොතින් මොහොත විදුලියටත් වඩා වේගයෙන් ඒ මේ අත දුවන ඔය දඩබ්බර සිතම තමා නියම ඔබ. නොඑසේව ඔය මොහොතින් මොහොත දිරාපත්වන ශරීරය නම් නොවෙයි ඔබ. ශරීරය කියන්නෙ වසර කීපයකට පමණක් ඔබව රඳවාගෙන ඉන්න තාවකාලික නවාතැනක් කියල තමයි හදුන්වන්න වෙන්නෙ.
දැන් බලන්න ඔබ වඩාත් වෙහෙසෙන්නෙ කුමක් සඳහාද කියා. ඒ ඔබවෙනුවෙන්ද, නැතිනම් ඔය දිරායන ශරීරය ගැනද කියල. වඩාත් රසවත් හා පෝෂ්‍යදායී ආහාර පාන, සුඛොපබෝගී යාන වාහන, මහා මන්දිර, මේ සියල්ල සොයන්න ඔබ අපමන වෙහෙස වෙන්නෙ නිවරදි අව‍බෝධය ඔබට නැති නිසාවෙන් ඇයි මම එහෙම කියන්නෙ? මේ කිසිවකින් ඔබට නිර්මල සතුට ලැබිය නොහැකි නිසා. ඔබ අපමණ වෙහෙසක් දරමින් හරි හම්බකරන ඔය සියලු වස්තු සම්බාරය ඔබට තවතවත් දුක් කරදර ඇතිකරනවා මිස කිසිම සතුටක් ස්තිරව ඔබට අත්කර නොදෙන බව මම ඔබට පවසන්නේ ඉතාමත් විස්වාසයෙන් හා අවධානයෙනුයි.
එසේනම් අපි වඩාත් සැලකිලිමත් විය යුත්තේ කුමක් සඳහාද? ඒ තමාව හොඳින් තේරුම් ගැනීම සඳහායි. එසේනම් ඒ සඳහා ඔබ කලයුත්තේ කුමක්ද? වඩාත් හොඳින් ඔබේ සිතේ ස්වභාවය හා එහි ක්‍රියා කාරීත්වය තේරුම් ගැනීමයි. ඒ සඳහා ඔබට අඩුතරමින් දිනකට විනාඩි කීපයක් හෝ ගතකල හැකානම් ඒ සුලු කාලය තමා ඔබ ඔබේ ජීවිත කාලය තුලම ඔබවෙනුවෙන් ගතකල කාලය වනුයේ ත් ඔබගේ ජීවිතයේ වටිනාම කාලය වනුයේත්.එසේ නම් ඔබ දැන් ඒ සඳහා සූදානම් නේද? එවිටයි ඔබට ජීවිතයට වඩාත් විශ්වාසයෙන් යුතුව මුහුන දිය හැකි වන්නේ.
ඔබට ජය.

Tuesday, December 28, 2010

මා පිය උපහාර

අපි දෙමාපියනට කෙසේ සලකමුද?

මවුපිය උපහාර

ඔබ ඔබේ දරුවන්ට කෙතෙක් ආදරය කරයිද? ඔබේ පණ හා සමානව ඔබ ඔවුන්ට ආදරය කරන බව මම දනිමි. එහෙයිනි ඔබ ඔවුන් වෙනුවෙන් අසීමිතව වෙහෙස ‍වන්නේ. ඔබට දැන් සිතෙනවාද ඔබේ මවුපියනුත් ඔබට කෙතරම් ආදරය කරන්නට ඇතිද කියා. දැන් ඔබට එය එතරම් තදින් නොදැනුනත් ඒ පිළිබදට සිතන්නට මෙයයි හොදම අවස්ථාව. මන්ද තව නොබෝ කලකින් ඔවුන් ඔබ හැරගිය පසු ඔබට ඔබගේ ප්‍රමාදය ගැන පසුතැවිලි වන්නටත් දුක් වන්නටත් සිදුවන නිසාවෙනි.

මාපියන් ගෙදර බුදුන් බව සිතන්න.

Friday, December 24, 2010

මම මගේමද?

මමය මාගේය යනු වටින කියමනක්ද?

අප හැම විටම වෙහෙස වන්නේ තමා ගැන කටයුතු සම්පාදනය කිරීම උදෙසාම නොවේද? මලොව උපන් හැම සත්වයෙක්ම තමා වෙනුවෙන් වෙහෙස වීම ම උරුම කොට ගෙන දිවි ගෙවති. නමුත් ශ්‍රේෂ්ඨ උත්තමයින් ගැන සිතන්න, ඔව්හු හැමවිටම අනුන් වෙනුවෙන්ම තම දිවි දෙවෙනි කොට සලකා ක්‍රියා කලාහු වෙති. ලොවුතුරා බුදු පියානණ් වහන්සේ සාවුරුද්දක් අතිශය අමිහිරි වූ දුෂ්කරක්‍රියාවකට යොමු වුවෙත්,ජේසුතුමන් කුරුසියේ ඇණ ගැහුම් වැද දිවි පිදුවේත් ලෝසත වෙත පතලාවු මහා කරුණා දයාවෙන්ම වේ.
ඔබත් මොහොතකට තම ජීවිතයෙන් අන් අයට කෙලෙස උපකාර කල හැකිදැයි සිතන්න.
සිතා මතා අන් අයට උපකාර කිරීමක් කිසිවිටෙකත් තිරිසන් සතුන්වෙතින් දැකිය හැකි නොවේ. එය කලහැකි වන්නේ මිනිසත්බව ලත් අපටම පමණි. එහෙයින් මිනිස් අපටම පමණක් උරුමවූ පරෝපකාරය කලහැකි හැමවිටෙකම හැම අවස්ථාවකම අප විසින් කලයුතුම උසස් මිණිස් දහමක් වන්නේය.
මම මාවම පෝෂනය කිරීම පමණක් කරන අයෙක් වෙමිද? නොඑසේනම් වඩාත් උතුම් අයෙක් වෙමිද?